ගර්භණී සමයේ අවසන් මාස

ප්‍රසූතියට රෝහලට යන විට රැගෙන යා යුතු දේවල්

රෝහල් බෑග් එක සූදානම් කරමු – Hospital bag with a heart and butterflies

ප්‍රසූතියට දවස ළඟා වෙද්දී අම්මලා ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි, "රෝහලට යනකොට මොනවද රැගෙන යන්න ඕන?" කියලා. අන්තිම මොහොතේ දුවන්න වෙන්නේ නැතුව ඉන්න, සති 36 ඉඳන්ම බෑග් එක හදලා තියාගන්න.

පහළ තියෙන්නේ ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රසූති වාට්ටුවල සාමාන්‍යයෙන් ඉල්ලන දේවල් ටික. සෑම රෝහලකම ලැයිස්තුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රසූත වෙන රෝහලෙන් හෝ සායනයෙන් අන්තිම ලැයිස්තුව අහලා තහවුරු කරගන්න.

අවශ්‍ය ලියකියවිලි

ලියකියවිලි

  • අම්මාගේ සහ තාත්තාගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත්
  • විවාහ සහතිකය
  • ගර්භනී වාර්තා පොත / සායන කාඩ්පත
  • ස්කෑන් සහ රුධිර පරීක්ෂණ වාර්තා (සියල්ලම එක ෆයිල් එකක)
  • දැනට බොන ඖෂධ තියෙනවා නම් ඒවා (වෛද්‍යවරයාට පෙන්වන්න)

අම්මා සඳහා

අම්මා සඳහා ඇඳුම් සහ රෙදි

  • චීත්ත ඇඳුම් / ගවුම් 5
  • බෙඩ් ජැකට් 5
  • සුදු රෙද්දක් සහ සුදු බෙඩ් ජැකට් 1
  • බෙඩ් ෂීට් 2 (එකක් සුදු පැහැ විය යුතුයි)
  • සුදු මේස් කුට්ටම් 1
  • පරණ රෙදි කැබලි 10 (මීටර් 1 × 1)
  • සුදු රෙදි කැබලි 3 (මීටර් 1 × 1)
  • පිරිසිදු සුදු ඉන පටි 2
  • කොණ්ඩය බැඳීමට සුදු පටි 2
  • අත් පිස්නා 1
  • පාවහන් 1 ජෝඩුවක් (පහසුවෙන් දාන්න පුළුවන් වර්ගයේ)

සනීපාරක්ෂක

  • ලූපය (තොණ්ඩුව) සහිත සනීපාරක්ෂක තුවා පැකට් 2
  • සබන් කැට 2
  • දත් බුරුසුව සහ දත් පේස්ට්
  • බ්ලේඩ් තල 1 (razor blade)
  • වස්ති බෝතලය 1 (enema bottle)

වාට්ටුවේ පාවිච්චියට

  • පිඟානක්, කෝප්පයක්, පනාවක්, බෝල් කෝප්පයක්
  • උණු වතුර බෝතලයක් (flask), සීනි, තේ කොළ
  • වතුර බෝතලයක්
  • කොට්ටයක්
  • ලොකු පත්තර පිටු 5
  • ලොකු ෂොපින් බෑග් 5
  • රෝස / නිල් පැහැති කාඩ්බෝඩ් ෆයිල් කවර 2

ළදරුවා සඳහා

ළදරුවා සඳහා

  • මල්පිස් ගවුම් 10ත් 20ත් අතර
  • ළදරු නැප්කින් 10ත් 20ත් අතර
  • තොප්පි සහ මේස් ජෝඩු 2 (වූල් වලින් මසපු)
  • පෙකණි කටු (umbilical cord clamp) 1
  • ළදරුවා ඔතන්න පැනල් රෙදි 3 (මීටර් 1 × 1)

ප්‍රයෝජනවත් දේවල් (අමතරව)

  • ෆෝන් එක සහ චාජර් එක
  • ටිකක් සල්ලි (විශාල මුදල් රැගෙන යන්න එපා)
  • ළදරුවා ගෙදර ගෙනියන්න පිරිසිදු ඇඳුම් කට්ටලයක්
  • ලිපිනය සහ අදාළ දුරකථන අංක ලියපු කොලයක්

බෑග් එක හදද්දී මතක තියාගන්න

  1. සති 36 වෙද්දී බෑග් එක සූදානම් කරලා, ගෙදර පහසුවෙන් අතට ගන්න පුළුවන් තැනක තියන්න.
  2. අම්මාගේ දේවල් සහ ළදරුවාගේ දේවල් වෙන වෙනම බෑග් වල දාලා ලේබල් කරන්න.
  3. ළදරුවාගේ රෙදි කලින් හොඳට සෝදලා, අව්වේ වේලලා, ඉස්ත්‍රික්ක කරලා තියන්න.
  4. ලියකියවිලි එකම ෆයිල් එකක දාලා, ඒක රැගෙන යන්නේ කවුද කියලා කලින්ම තීරණය කරගන්න.
  5. රන්භාණ්ඩ සහ වටිනා දේවල් රෝහලට රැගෙන යන්න එපා.

මෙම ලැයිස්තුව PDF එකක් ලෙස බාගන්න (Download PDF)

මෙව්වා පෙනුනොත් බෑග් එක ගැන බලන් ඉන්න එපා

වේදනාව ආරම්භ වීම, ජලය ගලා යාම, රුධිර වහනය, හෝ ළදරුවාගේ චලනය අඩු වීම වගේ දෙයක් දැනුණොත් වහාම රෝහලට යන්න. බෑග් එක පස්සේ ගෙනත් දෙන්න පුළුවන්. හදිසි ගිලන් රථ සේවාව සඳහා 1990 අමතන්න.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය සේවාව

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.